ලස්සන වෙන්න ලබාදෙන එන්නත ගැන සියල්ල හෙළිවේ

මෙරටදී භාවිතයට තහනම් කර තිබෙන, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන එන්නත් යොදාගෙන රූපලාවන්‍ය ව්‍යාපාරයක නියැලුනු පුද්ගලයකු නීතියේ රැහැනට හසුවී තිබේ.
කාන්තාවන් මෙන්ම පිරිමින්ද සම පැහැපැත් කරගැනීම සඳහා විවිධ වර්ගයේ එන්නත් භාවිතය මේ දිනවල බහුලව සිදුකෙරෙන අතර ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන ''ග්ලූටාතියන්'' නමැති එන්නතකි.
මෙම එන්නතින් සිදුවන්නේ සමෙහි මෙලනින් මගින් ඇති කරන වර්ණ නිෂ්පාදනය අවම කිරීම වන අතර සෞඛ්‍ය අංශ එය මෙරට තුළ භාවිතය තහනම් කර තිබේ.
එවන් පසුබිමක එම එන්නත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත ලැබී තිබු අතර ඒ අනුව එම ජාවාරම සිදුකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට එන්නත් කරනය ගැන කිසිදු දැනුමක් නොමැති බවයි.
ඔහු සන්තකයේ තිබී භාවිත නොකර ලද ''ග්ලූටාතියන්'' එන්නත් තොගයක්ද සොයා ගෙන තිබේ.
193 Views
Comments