කටුනායක ගුවන් තොටුපළේ අධිතාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවිකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

කටුනායක ගුවන් තොටුපළේ අධිතාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවිකරයි

කටුනායක ගුවන් තොටුපළේ අධිතාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවිකරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

 

 

කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති හෙයින් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන්මලු පරීක්ෂා නොකරන බව සඳහන් වේ.

 

 

 

ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේ ද සවි කරන ලෙසයි. විශේෂයෙන් මෙම පර්යන්තයේ එම උපකරණ සවි කරන ලෙස පැවසුවේ නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා වේ.

views

214 Views

Comments

arrow-up