2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකය.

 

 

අයදුම්කරුවන් 80,272ක් මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර තිබුණි.

 

 

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.

 

 

දින 5කට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් විභාගයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු අවසන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

 

 

එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති සිසුන්, බන්ධනාගාර රැඳවියන් සහ පිළිකා රෝගීන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.

 

 

මේ අතර ඩෙංගු වැළඳී ඇති විභාග අපේක්ෂකයින් සිටී නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය

 

 

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 ක දී අයදුම්කරුවන් 472,553 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතය.

 

 

views

161 Views

Comments

arrow-up