වතුර බිලට සල්ලි ගෙවා ජරාව බොන කොළඹ සහ ගම්පහ මිනිස්සු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

වතුර බිලට සල්ලි ගෙවා ජරාව බොන කොළඹ සහ ගම්පහ මිනිස්සු

වතුර බිලට සල්ලි ගෙවා ජරාව බොන කොළඹ සහ ගම්පහ මිනිස්සු

කැළණි ගඟ ආශ්‍රිතව කෙරෙන මැණික් ගැරීමේ කටයුතු, කර්මාන්ත ශාලාවලින් එකතු වන අපජලය ඇතුළු පාරිසරික කරුණු කිහිපයක් හේතුවෙන් කැළණි ගඟේ ජලය නිසි පරාමිතීන්ද ඉක්මවා අධික ලෙස දූෂණයට ලක් වී ඇති බව අනාවරණය වී තිබේ.

 

කැළණි ගඟේ ජලයෙන් අඹතලේ ජල පොම්පාගාරය හරහා දිනකට ඝනමීටර් ලක්ෂ 5.5 ක ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයට ද, බියගම ජල පොම්පාගාරය මඟින් දිනකට ඝන මීටර ලක්ෂ 3.5 ක් ගම්පහ දිස්ත්‍රික්කයට ද මුදා හැරෙන අතර, මෙම ජලය පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු පවතින බවද වාර්තා වී තිබේ.

 

මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමේ ප්‍රායෝගික ගැටළු රැසක් පිළිබඳ නිසි බලධාරීන් විසින් මැසිවිලි නගන අතර, මෙම තත්ත්වයන්ට තුඩු දී ඇති පරිසර හානි හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ සොයා බැලීමට අදාළ බලධාරීන් දැනුවත් කොට ඇති බවද වාර්තා වේ.

views

251 Views

Comments

arrow-up