දරුවා වඩාගෙන පාසල් දරුවන්ට මත් පෙති විකුණූ මව පොලිස් අත්අඩංගුවට

කුඩා දරුවෙකු වඩාගෙන පාසල් සිසුන් සහ අමතර පන්තිවලට පැමිණෙන සිසුන්ට මත් පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් සහ මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ඖෂධහලක හිමිකරුවෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මානසික රෝගීන්ට ලබාදෙන මෙම බෙහෙත් පෙත්තක් රපියල් 13ක් වුවද එක් පෙත්තක් පාසල් ළමුන්ට රුපියල් 120ක මිලකට අලෙවි කර ඇතැයි පොලිසිය කියයි.
නගරයේ සැරිසැරූ සැක සහිත කාන්තාවක් පිළිබඳව දින ගණනක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් ලැබුණු තොරතුරු මත ඖෂධ ශාලා හිමිකරු සහ එහි සහායකයා අත්අඩංගුවට ගෙන තිබේ.
740 Views
Comments