“නැග්ග ඉනිමගට පයින් ගහලා ආණ්ඩුව වෙන ගමනක් යනවා” - ගැටඹේ නාහිමි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

“නැග්ග ඉනිමගට පයින් ගහලා ආණ්ඩුව වෙන ගමනක් යනවා” - ගැටඹේ නාහිමි

“නැග්ග ඉනිමගට පයින් ගහලා ආණ්ඩුව වෙන ගමනක් යනවා” - ගැටඹේ නාහිමි

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට මුල සිට කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් පෙනෙන්නට ඇති බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

 

ජාතික නිදහස් පෙරමුණේ පර්යේෂණ අංශය මගින් සම්පාදිත, “ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම” නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරුන් වන ඩී. එම්. නන්දරත්න සහ ඩී. යූ සෙනරත් යන මහත්වරුන් විසින් සිදුකළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ සිරිවිමල හිමියෝ,

 

“වර්තමාන ජනාධිපතිතුමා පත් කරලා වර්තමාන රජය ස්ථාපිත කරන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විශාල කැපවීමක් කළා.

ඒත් මේ රට වෙනුවෙන් නිසි මෙහෙවරක් කරන්න එතුමාට අවස්ථාවක් ලැබුණේ නැහැ කියන එක තමයි අපිට පෙනෙන්න තියෙන්නේ.

ආණ්ඩුව පිහිටුවන්න මුල ඉඳලම කැපවෙලා වැඩ කරපු ඇතැමුන්ට අද නිසි තැනක් හම්බ වෙලා නැහැ. බොරුවට කෑ ගහපු පුහු පුද්ගලයන් හට තමයි තැන ලැබිලා තියෙන්නේ.”

 

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත නඳුන්ගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

views

631 Views

Comments

arrow-up