ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහවයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

 

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොර ව හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශසාමාන්‍යස්වභාවයේ පවතී.

views

669 Views

Comments

arrow-up