විදුලි ඉංජිනේරුවන්ගේ අවසන් තීරණය අද

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීම සම්බන්ධයෙන් වු අවසන් තීරණයක් අද (19) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.
691 Views
Comments