අධික වේගයෙන් ආ යතුරුපැදිය පාලමේ ගැටී තිදරු පියා එතැනම මරුට

යතුරුපැදියක් කිලිනොච්චිය, පරන්තන්, මුලතිව් මාර්ගයේ වැලිකන්දල් පාලමේ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
පසුගිය 10 වනදා රාති‍්‍රයේ මෙම අනතුර සිදුව තිබෙන අතර ධර්මපුරම් ප්‍රදේශයේ සිට කිලිනොච්චියට ධාවනය වූ යතුරුපැදිය අධික වේගය පාලනය කරගත නොහැකිව පාලමේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිළිනොච්චිය රෝහලට ගෙනගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කිලිනොච්චිය කට්ටකාඩු ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන පද්මනාදන් රවීන්ද්‍රන් නමැති අයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
845 Views
Comments