බොරැල්ල ස්වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු මාට්ටු

පසුගිය දෙසැම්බර් 11 වනදින බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නවගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(04) පෙරවරුවේ එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙරට නිෂ්පාදිත මිලි මීටර් 9 ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක්, ජීව උණ්ඩ 3ක් හිස් පතොරම් කොපු 2ක් ද නවගමුවේ නිවසකින් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
එසේම රන් භාණ්ඩ අලෙවි සැලෙන් කොල්ලකන ලද විවිධ බරින් යුත් රන් මාල 06ක් සහ අත් පළඳනාවක්ද සොයා ගෙන ඇත.
සැකකරු අද(05) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨසය වැඩිදුර විමර්ශන පවත්වයි.
696 Views
Comments