තරු හෝටල් වලට රතු එළියක්

විදේශිකයින්ට පමණයි (foreigners only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින්, දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතනවල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෑම පුද්ගලයකුට ම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවත්, එබැවින් යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නොහැකි බවත් ඔවුන් දක්වා ඇත.
518 Views
Comments