මරණ බවට හත්වතාවක් තර්ජනය කර ශිෂ්‍යාවට පිහියෙන් ඇන ෆේස්බුක් දැමූ සැකකරු නිදැල්ලේ

අක්මීමණ - ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 03 වන වසරේ විදුලි ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබන තම දියණියට පිහියෙන් ඇන ඒ බව දැනුම්දීමට ෆෙස්බුකියේද පිහිය සමඟ ඡායාරූප දමා ඇතැයි එම ශිෂ්‍යාවගේ පියාවන පොලිස් පරීක්ෂක ලියනගමගේ පේ‍්‍රමසිරි මහතා සඳහන් කරයි.
ගාල්ල, අක්මීමණ, ලබුදුව පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ 03 වන වසරේ විදුලි ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබන අදාළ ශිෂ්‍යාව ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසලදී පසුගිය 21 වැනිදා පුද්ගලයෙකු විසින් පිහිපහර 07ක් එල්ල කර බරපතළ තුවාල සිදුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකරන ලෙස ඇයගේ පියාවන පොලිස් පරීක්ෂක ලියනගමගේ පේ‍්‍රමසිරි මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
පිහි ඇනුමට ලක්වූ වැල්ලවාය පාර, තණමල්විල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් වයසැති මෙම ශිෂ්‍යාවට 07 වතාවක් මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව ද තණමල්විල පොලිසියට පැමිණිලි කළ ද පරීක්ෂණ කිසිවක් නොවන බවට පියා, පොලිස් පරීක්ෂක ලියනගමගේ ප්‍රේමසිරි මහතා චෝදනා කරයි.
පිහි ඇනුමට ලක්වූ ශිෂ්‍යාව මේ වනවිටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
705 Views
Comments