JAN
25
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 55 දෙනෙකු නිදහස් කෙරේ

මසුන් මැරීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධීව පැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි ඉන්දියානු ධීවරයින් 55 දෙනකු කයිටස් අධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.
මෙම ධීවරයන් පිරිස පසුගිය දෙසැම්බර් 18 සහ 20 දෙදින තුළ තමිල්නාඩුවේ සිට පැමිණ ඇති අතර නාවික හමුදාව විසින් ඔවුන් නෙඩුන්තිව් සහ එජුවෛතිව් ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණා.
ඊට අදාළ නඩුව අද අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ධීවරයින් 55 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහකට අත්හිටුවන ලද මාස 6 ක සිර දඩුවම් නියම කෙරුණා.
598 Views
Comments