සංගීතය බලන්න ගිය තරුණයින්ගේ යතුරුපැදිය ලොරියේ ගැටෙයි - අයෙක් මරුට - අනෙක් දෙදෙනාට බරපතළයි

පුත්තලම - කුරුණෑගල මාර්යේ කල්අඩිය 06 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් දෙදෙනකු බරපතල තුවාළ ලබා ඇත.
23 රාත්‍රීයේ කල්අඩිය මංසන්ධියේ පැවති සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයන් තිදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබේ.
මොවුන් තිදෙනා හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටියදී ආණමුඩවේ සිට පුත්තලමට ධාවනය වූ ලොරියක වැදී මෙම අනතුර සිදුවී ඇතැයි පුත්තලම පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පුත්තලම සින්නනාගවිල්ළුව පදිංචිව සිටි 26 හැවිරිදි ආර්. එම්. සුනිල් ශාන්ත කුමාර නමැති අයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනාද බරපතළ තත්වයේ පසුවෙයි.
එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇත.
657 Views
Comments