හොරකම අතින් ඉදිරියටම යන ඉන්දියන් සාගරේ මුතු ඇටයට හිමිවූ අලු‍ත්ම තැන මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

හොරකම අතින් ඉදිරියටම යන ඉන්දියන් සාගරේ මුතු ඇටයට හිමිවූ අලු‍ත්ම තැන මෙන්න

හොරකම අතින් ඉදිරියටම යන ඉන්දියන් සාගරේ මුතු ඇටයට හිමිවූ අලු‍ත්ම තැන මෙන්න

පසුගිය වසරේ සෑම අංශයකින්ම පසු පසින් සිටින ශ්‍රී ලංකාවට එක් අංශයකින් ප්‍රමුඛතාවය ලැබී තිබේ.

 

ඒ බොහෝ දෙනෙක් හොඳින් කිරීමට දන්නා හොරකම් කිරීම අතිනුයි.


2021 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් මේවන විට ප්‍රසිද්ධ කොට ඇත.

 

ඒ සඳහා රටවල් 180ක දූෂිත සිද්ධීන් පිළිබඳව දත්ත විශ්ලේෂණයකට ලක් කොට තිබේ.

 

ඒ රටවල් 180 අතරින් ශ්‍රී ලංකාවට 102 වැනි ස්ථානය හිමිව ඇත.

 

එය 2020 වසරට වඩා ස්ථාන 8කින් පසුපසට යෑමක් වන අතර 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව සිටියේ 94 වැනි ස්ථානයේයි.

 

නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අසල්වැසි ඉන්දියාව, මාලදිවයින හා භූතානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

 

එම දර්ශකයට අනුව ලකුණු 100 ලබා ගන්නා රාජ්‍යයන් දූෂණයෙන් තොර රාජ්‍ය ලෙස හැඳින්වේ.

 

ලකුණු බිංදුව ලබා ගන්නා රටවල් අන්ත දූෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 37 කි.

views

650 Views

Comments

arrow-up