අලූතෙන්ම මිලට ගත් ලොරිය අධිවේගයේදී තවත් ලොරියක ගැටී හිමිකරු හා රියැදුරු මරුට

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16.4 කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේදී ලොරි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බව අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් තිබෙන්නේ ලොරි රථයේ රියැදුරු ලෙස කටයුතු කළ රද්දොළුගම, පුස්සල පදිංචිව සිටි 44 හැවිරිදි සරත් කුමාර අතපත්තු සහ ගරාජ් හිමිකරුවෙකු වූ කටුනායක, ආඬිඅම්බලම, විල්ලවත ප්‍රදේශයේ පදිංචිව 59 හැවිරිදි සුසන්ත ගාමිණී යන අයයි.
මියගිය ගරාජ් හිමියා තම බිරිඳ සහ පුතු මෙන්ම අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා සමඟ පසුගිය සිකුරාදා(28) මෝටර් රථයකින් පිටිගල ප්‍රදේශයට ගොස් ලොරියක් මිලදී ගෙන අනතුරුව එදින රාත්‍රී ඇල්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසක සිට පෙරේදා(28) අලූයම ආඬිඅම්බලම, විල්ලවත්ත නිවස කරා ලොරිය රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මිලදී ගත් ලොරි රථය මියගිය රියැදුරු විසින් පදවා ගෙන පැමිණෙමින් සිටියදී එහි වම් පස සිට තිබෙන්නේ ලොරිය මිලදී ගත් මියගිය ගරාජ් හිමියා බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන්ට පසුපසින් මියගිය ගරාජ් හිමියාගේ බිරිඳ සහ පුතු මෝටර් රථයකින් පැමිණ ඇතැයි පොලිස් අනාවරණයවී ඇත.
700 Views
Comments