අද දිනයේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

අද දිනයේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි

අද දිනයේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි

පැවති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක් අද දිනයේදී අපේක්ෂා කෙරේ.

 

බස්නාහිර, සබරගමුව සහවයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

 

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොණ හෝ නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශසාමාන්‍යස්වභාවයේ පවතී.

views

702 Views

Comments

arrow-up