පානදුර මුහුදේ පියාගේ ගෙලෙහි එල්ලී දිය නෑ පුතා අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

පානදුර මුහුදේ පියාගේ ගෙලෙහි එල්ලී දිය නෑ පුතා අතුරුදහන්

පානදුර මුහුදේ පියාගේ ගෙලෙහි එල්ලී දිය නෑ පුතා අතුරුදහන්

පානදුර මුහුදු වෙරලේ තම පියා සමඟ දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

 

මෙලෙස අතුරුදහන්ව තිබෙන්නේ පානදුර, එළුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඩිල්ශාන් කාසීම් රහුමාන් නමැති පාසල් සිසුවෙකි.

 

තම පියා සමඟ ඊයේ(17) පස්වරුවේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැය පොලිසිය පවසයි.

 

පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතුරුදහන් වූ සිසුවා සොයා මෙහෙයුම් සිදුකරයි.

views

748 Views

Comments

arrow-up