“ලොකුම වරද මෛත්‍රීව ආරක්ෂා කිරීමයි, ජනාධිපතිතුමා ඉක්මනින් පියවරක් ගනීවි”‍ - දිලු‍ම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

“ලොකුම වරද මෛත්‍රීව ආරක්ෂා කිරීමයි, ජනාධිපතිතුමා ඉක්මනින් පියවරක් ගනීවි”‍ - දිලු‍ම්

“ලොකුම වරද මෛත්‍රීව ආරක්ෂා කිරීමයි, ජනාධිපතිතුමා ඉක්මනින් පියවරක් ගනීවි”‍ - දිලු‍ම්

ආණ්ඩුවේ ලොකුම වැරැද්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කිරීම බවත් ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම ඊයේ මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය. 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේය. 

 

“ලොකුම වරද ඔහුව ආරක්ෂා කිරීමයි. ඒ නිසා අපිත් එක්ක තරහා වෙන පිරිස විශාලයි. අවශ්‍ය පියවර ගත්තා නම් ඉවරයි. මම හිතනවා ජනාධිපතිතුමා ඉක්මනින්ම ඒ ගැන පියවරක් ගනීවි.” 

 

ඒක ආණ්ඩුවේ පැවැත්මට බලපානවද? යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් දිලු‍ම් අමුණුගම මහතා පැවසුවේ 

 

“නෑ ඒක කොහොමද ආණ්ඩුවේ පැවැත්මට බලපාන්නේ? යන්න හිතාගෙන හිටපු අය ගියාට පස්සේ අපි අලු‍ත් පක්ෂයක් හදලා තුනෙන් දෙකේ බලයක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරලා එතුමාගේ සහෝදරයා ජනාධිපති කළා. ඉතින් ඉතුරු ටික කරන්න මේ අය ඕනද? එයාලා ගියා නම් ලේසියි.”

යනුවෙනි.

views

730 Views

Comments

arrow-up