සිය දරුවන් දෙදෙනාට ගස් බැද පහර දුන් වධකාර පියා රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

සිය දරුවන් දෙදෙනාට ගස් බැද පහර දුන් වධකාර පියා රක්ෂිත බන්ධනාගාරයට

සිය දරුවන් දෙදෙනාට ගස් බැද පහර දුන් වධකාර පියා රක්ෂිත බන්ධනාගාරයට

තම දරුවන් දෙදෙනා ගසක බැඳ සිරුරුවල මිරිස් තවරා අමානුෂික ලෙස වදදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකාර පියා ව මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

ඒ ඔහුව ඊයේ (03) සවස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. එල්. හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 

වද හිංසාවට ලක්වූ දරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ මව සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ඔවුන් තිදෙනා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

 

සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු සේවය කරන කුඩාගම සමගි මාවතේ පදිංචි 36 හැවිරිදි සිව්දරු පියෙකි.

views

734 Views

Comments

arrow-up