නිව් ෆෝට්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා..ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද..- එස්.බී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

නිව් ෆෝට්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා..ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද..- එස්.බී

නිව් ෆෝට්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා..ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද..- එස්.බී

ඇමරිකාවේ නිවු ෆෝට‍්‍රස් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශක්තියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

 

එම සමාගම රටට අඩුවට ගෑස් ලබාදෙන බවත් විදුලි බලය නොකඩවා අඩු මිලට ලබාදීමට එකඟ වී ඇති බවත් ඔහු පැවසීය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

 

"මෙහි පරිපාලන විධායක ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු ලොව පිළිගත් විශේෂඥයෙක්. ඔහු ලෝකයට අලූත් දේවල් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර පේටන් බලපත් ලබාගත් කෙනෙක්. එහෙම කෙනෙක් නිව්පෝට්ට‍්‍රස් සමාගමේ සෙකනින් කමන්ඩර් හැටියට ඉදීම ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපට මොන තරම් ආඩම්බරයක්ද. ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධකම් තියෙන කෙනෙක් නොවෙයි. මේ රටේ සිටි දීප්තිමත් කථිකාචාර්යවරයෙක්. ඔහුත් සමග ඒ සමාගම ලංකාවේ ආයෝජනයකට පැමිණීම ඉතා වාසිදායක දෙයක්." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

views

725 Views

Comments

arrow-up