හික්කඩුවේදී පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

හික්කඩුවේදී පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි

හික්කඩුවේදී පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි

හික්කඩුව - තලාගස්දෙනිය ප්‍රදේශයේ පාලු නිවසකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35හැවිරිදි වියේ පසුවූ අයෙකි.

 

මියගොස් ඇති පුද්ගලයා තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටිදී එම ස්තානයට පැමිණි තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනය කර ඇති බවට පොලිසිය සැකපළකරයි.

 

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා මීටියාගොඩ කලුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය.

 

වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරයි.

views

796 Views

Comments

arrow-up