DEC
14
වයස 12න් ඉහල දරුවන්ටත් ෆයිසර්

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ , අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි.
689 Views
Comments