කෑම උයමින් සිටියදී ගෑස් ළිප පුපුරයි - ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ සිටි නිසා දිවි බේරිලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

කෑම උයමින් සිටියදී ගෑස් ළිප පුපුරයි - ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ සිටි නිසා දිවි බේරිලා

කෑම උයමින් සිටියදී ගෑස් ළිප පුපුරයි - ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ සිටි නිසා දිවි බේරිලා

පසුගිය 05 වනදා සවස පන්නල, හෙට්ටිරිප්පුව ලීහිරියාගම ප්‍රදේශයේ පිහිටි නිවසක ආහාර සකස් කරමින් සිටින අතරතුර එහි මුල්තැන්ගෙයි තිබූ ගෑස් ළිප පිපිරීමකට ලක්ව ඇති බව පන්නල පොලිසිය සඳහන් කරයි.

 

නිවෙස් හිමි කාන්තාව ආහාර පිසමින් සිටින අවස්ථාවේදී විශාල ශබ්දයක් නංවමින් ගෑස් ළිප පුපුරා ගියත් ආරක්ෂක හෙල්මටය හිසේ පැළඳ සිටීම හේතුවෙන් කිසිදු අනතුරක් සිදු නොවුනු බව සිද්ධියට මුහුණදුන් එච්. එස්. කුමාරි මහත්මිය පැවසුවාය.

 

කිලෝ ග‍්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගිය ළිපට සම්බන්ධකර තිබී ඇති අතර රෙගුයුලේටරයද අළුතෙන් සවිකළ එකක් බව ඇය කියා සිටියාය.

 

අනතුර සම්බන්ධව පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

733 Views

Comments

arrow-up