NOV
30
ආයුර්වේද මධ්‍යස්ථානය වටලා සම්බහනයට මුවා වී ඇඟ විකුණූ කාන්තාවන් තුනක් අත්අඩංගුවට

මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30,31 සහ 37 යන වයස්වල පසුවන සැකකාරියන් වන අතර ඔවුන් අම්බලන්තොට, කොලොන්නාව සහ පැපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් බව ද පොලිසිය පවසයි.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
841 Views
Comments