හොර පාරෙන් ඉන්දියාවට රත්රන් ගෙනියන්න උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

හොර පාරෙන් ඉන්දියාවට රත්රන් ගෙනියන්න උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට

හොර පාරෙන් ඉන්දියාවට රත්රන් ගෙනියන්න උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය ගුවන් යානයක සිටි කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු ඉන්දියාවේ බෙන්ගලරූ කෙම්පෙගඩ්ඩා ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ නීති විරෝධී ලෙස රත්රන් රැගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මතයි.

 

මොවුන් පසුගිය සෙනසුරාදා UL 11 දරන ගුවන් යානය ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ගුද මාර්ගයේ රත්තරන් සඟවාගෙනය.

 

මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් පමණ වේ.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

views

825 Views

Comments

arrow-up