අද රැළියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

අද රැළියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

අද රැළියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

සමගි ජන බලවේගය මගින් අද (16 වැනිදා) පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට’ විරෝධතා පාගමනට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ස්ථාන රැසක්, අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) දැනුම් දී තිබෙනවා.

 

 

අදාළ වි​රෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිරිමැටිදෙනිය විදානලාගේ සමන්ත දිලුක් දිල්ෂාන් කුරුඳුවත්ත පොලිසිය වෙත ඉකුත් 09 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

views

884 Views

Comments

arrow-up