NOV
23
තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් අද මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ලබන මාසයේ සිට සෑම සතියකම ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන තුන බැගින් මෙරටට ලැබීමට නියමිත බවයි.
මේ අතර මූලාශ්‍ර අනාවරණය කරගත නොහැකි කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යවරිය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
646 Views
Comments