මග්ගොන මුහුදු තීරයෙන් මතවූ ලක්ෂ 10ක වියළි කහ

රුපියල් ලක්ෂ 10ට වැඩි වටිනාකමකින් යුතු වියලි කහ තොගයක් පයාගල, මග්ගොන මුහුදු වෙරළේ තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කහ තොගයේ බර කිලෝ 170ක් වන බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විදෙස් රටකින් ආනයනය කරනු ලැබූ මෙම කහ තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමක් ඇති බවට විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පයාගල පොලිස් වසමට අයත් මග්ගොන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමේදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කහ තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් මිරිස්වත්ත, උඩුගම්පල ප්‍රදේශවල පදිංචි කරුවන් වන බවද පැවසේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ කහ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පයාගල පොලිස් ස්ථානය වෙත වෙත භාරදී තිබේ.
742 Views
Comments