දිස්ත්‍රික්ක 8ක 60ට වැඩි අයට හෙට සිට ෆයිසර්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

දිස්ත්‍රික්ක 8ක 60ට වැඩි අයට හෙට සිට ෆයිසර්

දිස්ත්‍රික්ක 8ක 60ට වැඩි අයට හෙට සිට ෆයිසර්

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

 

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බව ඔහු පැවසීය.

 

පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්තද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

views

670 Views

Comments

arrow-up