රිය අනතුරින් මියගිය දෙදරු පියාගේ අවයව දන්දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

රිය අනතුරින් මියගිය දෙදරු පියාගේ අවයව දන්දෙයි

රිය අනතුරින් මියගිය දෙදරු පියාගේ අවයව දන්දෙයි

ති‍්‍රරෝද රථ අනතුරකින් හිසට බරපතළ තුවාල සිදුවී මොළය මියගිය පුද්ගලයකුගේ වකුගඩු දෙක සහ අවයව කිහිපයක් පරිත්‍යාග කිරීම හෝමාගම මූලික රෝහලේදී සිදු කළ ශල්‍යකර්මයකදී සිදුකර තිබේ.

 

එලෙස ඉන්ද්‍රියන් ලබාගත් බව රෝහල් කාර්ය මණ්ඩලය පවසන අතර කොට්ටාව පොලිසිය මේ බව තහවුරු කර ඇත.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ පන්නිපිටිය, මාලපල්ල, අතුරුගිරිය පාරේ පදිංචිව සිටි වීරකෝන් මුදියන්සේලාගේ පි‍්‍රයන්ත දීපාල් වීරකෝන් නැමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.

 

ඔහු වසර තිස්හතක කාලයක් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අනුයුක්තව රියැදුරකු ලෙස සේවය කළ අයෙකි.

 

මියගිය අය පසුගිය 12 වැනිදා සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටි අතරතුරදී රාතී‍්‍ර 10.00ට පමණ කොට්ටාව අතුරුගිරිය පාරේ මාලපල්ල ප‍්‍රදේශයේදී පාර මාරු වෙමින් සිටියදී ති‍්‍රරෝද රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබුණි.

 

බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි.

 

එම අවස්ථාවේදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු රෝගියාගේ මොළය මියගොස් ඇතැයි නිරීක්ෂණය කොට ජීවත් කිරීමට නොහැකි බව දන්වා නැවත හෝමාගම මූලික රෝහල වෙත රෝගියා යොමු කර තිබුණි. 

 

ඒ අනුව හෝමාගම රෝහලේ වෛද්‍යවරු රෝගියාගේ තත්ත්වය ඥාතීන්ට පවසා ඔහුගේ වකුගඩු හා අවයව තවත් කෙනෙකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කරන ලෙස දැනුවත් කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ හා ඥාතීන් කැමත්ත පළ කිරීමෙන් අනතුරුව ඉකුත් 14 වැනිදා ශල්‍යකර්මයක් මගින් එම ඉන්ද්‍රියන් ලබාගෙන තිබේ. 

views

753 Views

Comments

arrow-up