අපරික්‍ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් දුම්රියේ ගැටී රියදුරා මරුට

වයික්කාල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක් සිදුවී ඇති බව පොලීසිය කියයි.
ඊයේ (15) සවස වයික්කාල, තම්බරවිල දුම්රිය හරස් මාර්ගයේදී එම අනතුර සිදුව තිබුණි.
එම අනතුරින් මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර එය දුම්රියේ ඇමිණී මද දුරක් ඇදී ගොස් විසිවී ඇත.
එහිදී මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මරණකරු 49 හැවිරිදි මුහුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ.
එම පුද්ගලයා දුම්රිය සංඥා නොතකමින් සිය මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මාදම්පේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
743 Views
Comments