කොස්, දෙල් සහ පොළොස් මිලත් ඉහළට

පවතින පොහොර අර්බුදය සහ වර්ෂාව සමඟ නිෂ්පාදනය අඩාළවීම හමුවේ වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළයමින් පවති.
ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 550ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 500ක්, බෝංචි කිලෝවක් රුපියල් 600ක්, වම්බටු කිලෝවක් රුපියල් 400 ක්, මාළුමිරිස් කිලෝවක් රුපියල් 600ක් වැනි ඉහළ අගයක සිල්ලර වෙළෙඳපොළේ සටහන් විය.
එළවළු මිල ගණන් ඉහළයාමත් සමඟ කොස්, දෙල් සහ පොළොස් වැනි බෝග වලද මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
ඒ අනුව වෙළෙඳපොළේ කොස් මල්ලක් රුපියල් 120ක මිලකටත් දෙල් ගෙඩියක් රුපියල් 300ක් දක්වා වූ මිලකටත් අලෙවිවනු දක්නට ලැබුණි.
839 Views
Comments