ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසකිනුත් තවත් ගෑස් පිපිරීමක්

ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
වෙළඳසැල් හිමිකරුගේම නිවසේ මෙම පිපිරීම සිදු තිබේ.
මෙයින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළඳසැල් හිමියා වහා මුලුතැන්ගෙට ගොස් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන තිබෙන බව පොලීසිය පැවසුවේය.
පසුව බලනවිට ගෑස් ලිප පුපුරා ගොස් තිබී ඇත.
ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
814 Views
Comments