“ඔමික්‍රෝන් ආවේ වසංගතය අවසන් කරන්න” - ලොවම කැලඹූ නවතම හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

“ඔමික්‍රෝන් ආවේ වසංගතය අවසන් කරන්න” - ලොවම කැලඹූ නවතම හෙළිදරව්ව

“ඔමික්‍රෝන් ආවේ වසංගතය අවසන් කරන්න” - ලොවම කැලඹූ නවතම හෙළිදරව්ව

“ඔමික්‍රෝන්” කොවිඩ් වෛරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයෙකු වන මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර තිබේ. 


මහාචාර්යවරයා පෙන්වාදී තිබෙන්නේ ඔමික්‍රෝන් විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19‘ වසංගතය අවසන් කිරීමට බවයි.

 

වෛරසයකට ඇත්තේ එක් අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණය කිරීයි. එලෙස කිරීමට නම් එය වැඩි දෙනෙකු අතරේ පැතිරෙන්න ඕනෑ.

වෛරසය ආසාදනය වූ තැනැත්තා වෛරසයෙන් මියගිගහොත් හෝ ප්‍රතිශක්තියෙන් (ස්වභාවිකව හෝ එන්නත් සහ ඖෂධ මගින් හෝ) වෛරසය අඩපණ කෙරුණොත් වෛරසයට තම අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. 

වෛරසය දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වෛරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. 

ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. නමුත් දකුණු අප්‍රිකා වෛරස විශේෂඥයන්ට අනුව, බෝ වීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතල රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ.

කොවිඩ් 19 මාතෘ වෛරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වෛරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට විය හැකියි. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි.

අවසානය වෙන්න නම් එක්කෝ වෛරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොවිඩ් වසංගතයේ අවසානය මෙය විය හැකියි.“

 

යැයි මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.

 

මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් මෙලෙස තම අදහස ලොවට පවසද්දී, බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකාවේද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලු‍ටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවයි. 

 

කෙසේ වුවද තවමත් ඔමික්‍රෝන් වෛරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලු‍ටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

views

1612 Views

Comments

arrow-up