දඹුල්ලට එළවළු ලැබීම ඉහළ යයි - එළවළු මිලත් පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(23) දිනයේ එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.
ඒ හේතුවෙන් පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිල හා සැසඳීමේදී රුපියල් 50 - 60ත් අතර ප්‍රමාණයකින් මිල ගණන් අඩුවී ඇතැයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.
වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් කැරට්, ලීක්ස් ,බීට් ,ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු සඳහා ඉහළ මිලක් ප්‍රකාශකළද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම හේතුවෙන් අඩු මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමට සිදුවන බවත් වෙළෙන්දන් පවසයි.
එසේම පහත රට ප්‍රදේශවලින් සහ යාපනයෙන්ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල ,පතෝල ,තක්කාලි ආදී එළවළු වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ලැබෙණ බව පෙන්වා දුන් වෙළෙන්දන් කියා සිටියේ දුර බැහැර ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම හේතුවෙන් මිල පහත වැටීම සිදුවෙමින් පවතින බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමඟ රුපියල් 200 කට පැවති දෙල් ගෙඩියක තොග මිල අද දින වන විට රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.
728 Views
Comments