අනුරාධපුර කොවිඩ් අවදානම ඉහළට - ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් රෝගීන්ගෙන් පිරී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

අනුරාධපුර කොවිඩ් අවදානම ඉහළට - ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් රෝගීන්ගෙන් පිරී යයි

අනුරාධපුර කොවිඩ් අවදානම ඉහළට - ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් රෝගීන්ගෙන් පිරී යයි

අනුරාධපුරයේ කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන 09ක් පිහිටුවා ඇති අතර ඒවායින් මධ්‍යස්ථාන රැසක් මේ වන විට රෝගීන්ගෙන් පිරි පවතින බවත් මේ වනවිට රෝහල්වල රෝගීන් අටසියයක්(800) පමණ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවේය.

 

එමෙන්ම මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප‍්‍රදේශ රැසක පාසල්වලද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඒ අනුව පාසල් හැත්තෑවක්(70) පමණ ගුරුවරුන් සහ සිසු සිසුවියන් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත. 

 

පසුගිය දිනවලදී කොවිඩ් ආසාදිත රෝගින් හමුවීමේ වැඩිවීමක් දක්නට ලැබුණ අතර මේ වනවිට රෝගින් අටසිය දෙනෙකු(800) පමණ නිවෙස්වල ප්‍රතිකාර ලබා ගන්නා බවද හෙතම පැවසීය.

 

තවද අනුරාධපුර ප්‍රධාන හෝටල් කිහිපයක සේවක සේවිකාවන් හතළිස් දෙනෙකු(40) පමණ ඉකුත් දින කිහිපය තුළ කොවිඩ් 19 ආසාදිතව හඳුනා ගෙන ඇතැයි වාර්තාවේ. 

 

එම ආයතනයට අයත් අනුරාධපුර නගරය ආසන්න ඉදිකර ඇති නේවාසිකාගාරයක සිටි පිරිසකට මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. 

views

728 Views

Comments

arrow-up