මා රට පාලනය කරන්නේ දස රාජ ධර්මයෙන් - සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

මා රට පාලනය කරන්නේ දස රාජ ධර්මයෙන් - සජිත්

මා රට පාලනය කරන්නේ දස රාජ ධර්මයෙන් - සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි.

 

තම වැඩපිලිවෙල වන්නේ සොඳුරු රටක් සෞභාග්‍යවත් දේශයක් බවත් එය කොටසට පමණක් සීමාවූවක් නොව සෑම පුරවැසියකුට හිමිවන ප‍්‍රතිලාභයක් බවත් ඔහු හෙතෙම පැවසීය.

 

රට ගොඩනැගිය හැක්කේ සංවේදී රට ගැන හිතන වැඩපිළිවෙළක් ඇති ජනතා අපේක්ෂාවන් ට ඇහුම්කන් දෙන හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් වන බවද පැවසූ ඔහු අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද සඳහන් කළේය.

 

වියරුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය නොහැකි බවත් එය කල හැක්කේ සාකච්ඡාව සම්මුතිය ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහ ගුණ ධර්මවලින් බවත් පැවසූ ඒ මහතා ඊට ආසන්නම උදාහරණය දසරාජ ධර්මය බවද පෙන්වා දෙයි.

 

ඒ මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ අවස්ථාවක් අමතමිනි.

views

712 Views

Comments

arrow-up