මව්පියන් සහ කුඩා දරුවන් දෙදෙනෙකු රෝහල් ගතකල අනතුර (VIDEO)

නුගේගොඩ, නාවල පාරේදී යතුරු පැදියක් මාර්ගය හරහා හැරවීමට උත්සහකල මෝටර් රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇත.
ඊයේ(01) දහවල් එම අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබු සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණි.
අනතුරින් අවුරුදු එකහමාරක් හා අවුරුදු පහහමාරක් වු දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
මෝටර් රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
701 Views
Comments