පොල් සම්බන්ධ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

පොල් වගාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා නව දුරකතන අංකයක් සහ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
ඒ අනුව 1928 දුරකථන අංකය මගින් සහ 070 4001928 වට්ස්ඇප් අංකය මඟින් පොල් වගාව සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව විමසිය හැකි බවත් අමාත්‍යවරයා පැවසුවේය.
පැලවල මතුවන රෝගී තත්ත්වයන් සම්බන්ධ ඡායාරූපයක් ඉහත වට්ස්ඇප් අංකයට යොමු කිරීමෙන් ඒ සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර ලබාදීමට කටයුතු කරන බවත් ලුණුවිල පොල් පර්යේෂණායතනයේ පසුගියදා පැවැති උත්සවයේදී ඔහු කියා සිටියේය.
වැවිලි භෝග මගින් ඉදිරි වසරක කාලය තුල මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයිද අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.
පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින් මෙම වසර තුළ දැනට ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියය ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
722 Views
Comments