කොළඹ පාතාලයත් යන එන සුපිරි සූදු තිත්පොලක් වටලයි - කාන්තාවන් පහකුත් දැලේ

රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සමග සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
කොළඹ පාතාලයට සහ හෙරොයින් ජාවාරමට අදාළ පිරිස් මෙම සුදු පොළ වෙත පැමිණ ඇති බවට වාර්තා වන අතර මෙහිදී කාන්තාවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සුදු පොළෙහි සුදු සෙල්ලමට දමා තිබූ රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් මුලදී පොලිස් භාරයට ගෙන ඇති අතර පසුව එහි සිටි සෙසු සැකකරුවන් පරික්ෂා කිරීමේදී සුදුසු මුදල් හමුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම සුදු සෙල්ලම ඇතමුන් රැකියාවක් ලෙස සිදුකරන බවද සැලවෙන අතර පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙම සුදු තිත්පොල දීර්ඝ කාලයක් තිස්සේ පර රහසේ පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
1137 Views
Comments