යුරෝ මිලියනක ව්‍යාජ නෝට්ටුවක් විකිණීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

යුරෝ මිලියනක ව්‍යාජ නෝට්ටුවක් විකිණීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

යුරෝ මිලියනක ව්‍යාජ නෝට්ටුවක් විකිණීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

යුරෝ මිලියනයක වටිනාකමක් සඳහන් ව්‍යාජ ලෙස සකස් කෙරූ මුදල් නෝට්ටුවක අනුරුවක් ශ්‍රී ලංකා රුපියල් මිලියනයකට විකිණීමට උත්සහකල සැකකරුවෙකු සහ සැකකාරික් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙමටගොඩ ප්‍රදේශයේදී ඊයේ(25) අත්අඩංගුවට ගැනුණි.

 

එම ව්‍යාජ මුදල් අනුරුව මෙරට මුදලින් රුපියල් මිලියනයකට විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී ලද තොරතුරක් මත සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමගදී බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක යාගොඩමුල්ල ප්‍රදේශයේද, සැකකාර කාන්තාව වයස අවුරුදු 50ක සේදවත්ත පාර, වැල්ලම්පිටිය ප්‍රදේශයේද පදිංචි අයවලුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

 

සැකකරුවන් දෙදෙනා සහ මිලියනයක වටිනාකම් සඳහන් ව්‍යාජ මුදල් නෝට්ටු අනුරූව ලොරි රථයක්, ජංගම දුරකථන දෙකක් මඟ අත්අඩංගුවට ගෙන තිබේ

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් දෙමටගොඩ පොලිසියට භාරදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

 

views

738 Views

Comments

arrow-up