ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ මෘදුකාංග ඉංජිනේරුවා යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ මෘදුකාංග ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ මෘදුකාංග ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමූ බව කියන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවා දෙසැම්බර් මස 16 වැනිදා දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද(02) නියෝග කළේය.

 

මෙම සිද්ධියට අදාළව විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

 

මෙම සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(02) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරුණි.

views

680 Views

Comments

arrow-up