කොලුකමට යතුරුපැදිය පැද්ද 13 හැවිරිදි සිසුවා වෑන් රථයක ගැටී මරුට

නාත්තන්ඩිය උඩුබද්දාව මාර්ගයේ කුඹුක්ගහමුල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් යතුරු පැදිය පදවාගෙන ආ 13 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුඹුක්ගහමුල්ල ප්‍රදේශයේම පදිංචි W.M. මිහිරංග නැමැති බාල වයස්කාර දරුවකු වන අතර රිය අනතුරෙන් පසු ඔහුගේ මෘත දේහයට කළ කොවිඩ් පරීක්ෂාවෙන් අනාවරණය වූයේ ඔහු කොවිඩ් ආසාදිතවද සිට ඇති බවයි.
සිසුවා පදවාගෙන ආ යතුරු පැදියේ අංක තහඩු ද ඉවත් කර තිබී ඇති අතර පොලිසිය පවසන්නේ එය ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවති එකක් බවයි.
මෙම මාරාන්තික රිය අනතුර සිදුවීමට මොහොතකට පෙර සිසුවා පැදවූ යතුරු පැදිය තවත් වාහනයක ගැටීම ට ගොස් නූලෙන් බේරුන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
1079 Views
Comments