මංකොල්ලයකට ගිය ඌරු ජුවාගේ ගෝලයා ගුටි කා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

මංකොල්ලයකට ගිය ඌරු ජුවාගේ ගෝලයා ගුටි කා මරුට

මංකොල්ලයකට ගිය ඌරු ජුවාගේ ගෝලයා ගුටි කා මරුට

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි 3 දෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන්ගෙන් පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇති කොල්ලකරු ඌරුජුවා ගේ ගෝලයකු වන බවයි වාර්තා වන්නේ.

 

මෙම කොල්ලකරුවන් තිදෙනා පෙරේදා රාත්‍රියේ නිවසකට කඩා වැදී නිවැසියන්ට පිටතට යාමට නොදී තර්ජනය කර  නිවසේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කමින් සිට ඇති අතර ඒ අවස්ථාවේ නිවසේ සිටි තරුණයකු කොල්ලකරුවන්ගෙන් මිදී පලාගොස් අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා තිබෙනවා.

 

පසුව අසල්වාසීන් එකතුවී සොරුන් පසු පස හඹා ගොස් ඇති අතර එහිදී එක් කොල්ලකරුවකු හසුකර ගැනීමට ඔහු සමත් වී ඇති අතර අනෙක් දෙදෙනා යතුරු පැදි වලින් පලා ගොස් තිබෙනවා.

 

ප්‍රදේශවාසීන්ගෙන් පහර කෑමට ලක්වූ කොල්ලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

 

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මුල්ලේරියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

7186 Views

Comments

arrow-up