ඉන්ධන ආනයනය සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව 2022 ජනවාරි මස 1 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.
ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ ඩීසල් උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 බැගින් වු බැරල් 262,500ක් ආනයනය කිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
එමෙන්ම එම කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 1,341,000 සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
802 Views
Comments