ගාල්ලේ කොරෝනා වැළඳුණු සිසුන් ගණන තව ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

ගාල්ලේ කොරෝනා වැළඳුණු සිසුන් ගණන තව ඉහළට

ගාල්ලේ කොරෝනා වැළඳුණු සිසුන් ගණන තව ඉහළට

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 22 දෙනකුට සහ ගුරුවරුන් 05 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

 

ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කලේ පාසල් විවෘත කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි.

 

ඇල්පිටිය ඉදුරුව ගාල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මෙම රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.

 

බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර් පාසලක ඉගෙනුම ලබන ළමුන් 17 දෙනෙකු මේ අතර සිටින බවත් මේ වනවිට එම දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ඉගැන්විම් සිදුකරණ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

views

596 Views

Comments

arrow-up