වැස්ස 7000ක් අවතැන් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

වැස්ස 7000ක් අවතැන් කරයි

වැස්ස 7000ක් අවතැන් කරයි

දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

 

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කලේය.

 

 

පීඩාවට පත් පවුල් 58 කට අයත් 222 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 7ක රඳවා ඇති අතර තවත් පවුල් 157 කට අයත් 599 දෙනෙක් ඥාති නිවෙස්වල රඳවා ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූහ.

views

689 Views

Comments

arrow-up