මාළු දැලත් අරන් ගොඩ ආ අලි පැටියා

මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි කුඩා වන අලියෙකු පසුගිය 21 වනදා අළුයම 2.00ට පමණ ගොඩට විත් ඇති අතර අලි පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදී තිබේ.
මාස 2ක් පමණ වයසැති අඩි දෙකහමාරක් පමණ උස අලි පැටවාගේ සාමාන්‍ය තුවාලවලට ප්‍රතිකාර පිණිස මින්නේරිය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය වෙත භාරදී ඇත.
වන අලි 50ක රංචුවක් රාත්‍රි කාලයේ කැලයෙන් පිටතට පැමිණ පාන්දර යාමයේ යළි වනයට යන බවත් ඒ යන අතරතුර මෙම අලි පැටවා මඟහැරී ඇති බවත් ගම්වාසීන් පවසයි.
798 Views
Comments