ග්ලයිෆෝසෙට් තහනම රිවස් කල ගැසට්ටුව රිවස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ග්ලයිෆෝසෙට් තහනම රිවස් කල ගැසට්ටුව රිවස් කෙරේ

ග්ලයිෆෝසෙට් තහනම රිවස් කල ගැසට්ටුව රිවස් කෙරේ

ඊයේ රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆෝසෙට්  ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය යළි අවලංගු කර තිබෙනවා.

 

මේ අතර පලිබෝධනාශක රෙජිස්ටර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේම එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

 

ඔහු පවසන්නේ නීති කෙටුම් පතට අනුකූලව දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව එම ගැසට් නිවේදනය තමන් විසින් නිකුත් කළ බවයි. තමන් තනතුරින් ඉවත් කළ බව මේ වන තෙක් දැනුවත් වී නොමැති බව සඳහන් කළ ඔහු පැවසූයේ අද පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

 

සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ පලිබෝධනාශක රෙජිස්ටාර් වරයාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

 

views

906 Views

Comments

arrow-up